සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කිරීමට නියමිතයි.
මහවැලි ‘එච්’ කලාපයම මහවැලි පුනරුද සතිය වෙනුවෙන් මේ වන විටත් සූදානම්ව ඇති අතර, පළමු දින දැනුවත් කිරීම් හා ශ්‍රමදාන කටයුතුවලින් වැඩසටහන ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
2025 වසර පුරා මේ ව්‍යාපෘතිය මහවැලි කලාප මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන අතර, මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ ගොවීන් හා නිලධාරීන් මුල් වී කටයුතු සිදු කිරීමයි.