හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් මිලිග්‍රෑම්  51040  ක් සමග ගල්කිස්ස බඩඕවිට පාලම අසල  පුදේශයේ දි  ඉකුත් දා සිදුකල ආවේක්ෂණ රාජකාරියේ දි දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියාසිටී.
මෙදින අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක රෝෂාන් උදයංග මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකල විමර්ශනයේදී සැකකරුගේ කලිසම් සාක්කුවේ සගවාගන තිබූ ගොසරි බෑග් එකක් පරීක්ෂාවේදී මෙම හෙරෝයින් තොගය සොයාගත් බව පොලිසිය පැවසීය.
 අත්අඩංගුවට පත්  සැකකරු ගාල්ල පුදේශයේ පදිංචිව සිටිමින් තාවකාලිකව ගල්කිස්ස බඩඕවිට  2  වන අදියරේ නැවතී සිටිමින් මෙලෙස  හෙරෝයින්  ජාවාරමේ නිරතව සිටින බව අනාවරණයවී ඇතැයි පොලීසිය පැවසීය.
වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජේෂ්ඨ පොලිස්  අධිකාරි රෝහන් ප්‍රේමරත්න. සහකාර පොලිස් අධිකාරි 2 නලීන් හෙට්ටිආරච්චි යන මහතුන්ගේ අධීක්ෂණයෙන් දෙහිවල පොලිස්ථානාධිපති එච්. එල්.දුෂ්මන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය ස්තානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් උදයංග මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නුවන් පුභාත් පොලිස්  කොස්තාපල් වරුන් වන 64825 නිහාල්. 33449  සදලුවන් .86575  පැතුම්. 77154 තෙන්නකෝන් යන නිලධාරීන් විසින් විසින් සිසිදුකරගන   යනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts