america and sri lanka

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා ඝාතනය වීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක විරෝධතාවයන් ඇරඹුනා.

නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය.

කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම් කඩ සාප්පු ද ගිනි තබා විනාශ කොට තිබේ.

විරෝධතාකරුවන්ට තර්ජනය කරමින් සිදු කරන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩ සීමා කිරීමට ට්විටර් ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ වනවිට ලක්ෂ විස්සක් පමණ වන සිවිල් ජනතාව මෙම විරෝධතාවන්ට එක්වෙමින් පොලිස් ස්ථාන වලට පහර දෙමින්, කඩ සාප්පු මංකොල්ල කමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

Similar Posts