වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට මසකට දින 25ක් සේවය ලබා දිමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්  හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදි පවත්වන ලදි.

කදුකර සිවිල් සංවිධානයට අයත් සංවිධාන 20ක සමාජිකයන් පිරිසක් මෙම උද්ගෝෂනයට එක්ව සිටි අතර මෙහි අදහස් දැක්වු කදුකර සිවිල් සංවිධානයේ සභාපති එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන ලද්දේ වතු කම්කරු වැටුප් වැඩි කරදිම වතු වෘත්තිය සමිතිවල කාර්යක් වුවද මේ වන විට බොහෝ වතු කම්කරු වෘත්තිය සමිති එය නිසි ලෙස ඉටු නොකරන බවත්ය.

අද පවතින තත්වයන් මත එක් පිරිසක් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 160 කින් වැඩි කරන බව කියා සිටියද තවත් පිරිසක් පවසනුයේ රුපියල් දහාසේ වැටුප ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම තවත් පිරිසක් පවසනුයේ රුපියල් දහාසේ වතු කම්කරු වැටුප් වැඩි කිරිම පිලිබදව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය.

එම තත්වයන් මත අපිට පෙනි යන්නේ රුපියල් දහාසේ වතු කම්කරු වැටුප් වැඩි කිරිම මෙවරද සිදු නොවන බවත් මෙවරද වතු කම්කරුවන් රැවටිමට ලක් කිරිමක් බවත්ය.

පසු ගිය මැතිවරණ කාලයේදි මෙන්ම පසු ගිය අය වැයේදිද වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පැවසු බවත් එහෙත් එය මේ වන තෙක් සිදුව නොමැති බවද ඔහු පවසන ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තුල දැඩි ප්‍රශාදයක් පවතින බවත් එම තත්වයන් මත එතුමා මෙම කම්කරු ජනතාවට නිසි ලෙස වැටුප් වැඩි කර දිමට පියවර ගනු ඇතැයි තමන් විස්වාස කරන බවද පවසන ලදි.

මෙහිදි අදහස් දැක්වු හැටන් සමාජ සංවර්ධන මධ්‍යස්ථානයේ සි. යෝගිතා මහත්මිය අදහස් දක්වමින් පවසන ලද්දේ වතු කම්කරුවන් සදහා රුපියල් දහාසක වැටුප් වැඩි කර ගැනිමක් සදහා වසර හතරක පමන කාලයක සිට උද්ගෝෂන කරන බවත් එහෙත් මේ වන තෙක් එම වැටුප් වැඩිවිම සිදු නොවුන බවත්ය.

එහෙත් මෙම උද්ගෝෂනය අවසන් උද්ගෝෂනය වනු ඇතැයි තමන් සිතනුයේ  අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරේහි පවතින විස්වාසය මත මෙවර එතුමා විසින් වතු කම්කරු වැටුප් වැඩි කිරිම සිදු කරනු ඇතැයි තමන් සිතන බැවින් බවත්ය.

අද වතු කම්කරුවන්ට නිසි වැටුපක් නොලැබිමෙන් ඔවුන් දැඩි අසිරුතාවයන්ට පත්ව ඇති බවත් පවතින ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ට ලැබෙන වැටුප කිසි සේත්ම ප්‍රමාණවත් නොවන බවද එම මත්මිය පවසන ලදි.

වතු කම්කරුවන් සදහා නිසි වැටුපක් නොලැබිම තුලින් වතු කම්කරු කාන්තාවන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් එයට ප්‍රධාන හේතුවවි ඇත්තේ වතු කම්කරු පවුල්වලද කාන්තාවන් විසින් තම නිවෙස්වල ඉවුම් පිහිවුම් කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලුම කටයුතු සිදු කිරිම කාන්තාවට පැවරි ඇති බැවින් බවද යෝගිතා මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

මෙහිදි අදහස් දැක්වු රාසලිංගම් දේවප්‍රියා මහත්මිය පවසන ලද්දේ අද වතු කරයේ කාන්තාවන් වැටුප් ප්‍රශ්නයට මෙන්ම තවත් ප්‍රශ්න ගනනාවකට මැදිව ඇති බවත්ය.

වතුකරයේ තේ දළු කඩන කාන්තාවන්ට ඔවුන් සේවය කරන ප්‍රදේශවල නිසි ලෙස වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැති බවත් නිසි ලෙස පානිය ජල පහසුකම් මෙන්ම තමන් රැගෙන යන ආහාර වේල හෝ බුක්ති විදිමට නිසි ස්ථානයක් නොමැති බවත්ය.

මෙම තත්වයන් තුල වතු තුල දැඩි සමාජ ප්‍රශ්නද පවතින බවත් මෙවැනි තත්වයන් මත වතු කරයේ කාන්තාවන් දැඩි දුෂකරතාවයන්ට පත්ව ඇති බවත් මෙම තත්වයන් මත වතු කරය තුල පවතින වැටුප් ප්‍රශ්නය මෙන්ම අනිකුත් ප්‍රශ්න දෙසද අදාල බලධාරින්ගේ නිසි අවදානයක් යොමු විය යුතු බවද දේවප්‍රියා මහත්මිය තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts