ඉකුත් එකොළොස් වන දින රාත්‍රියේ අඟුලානේ දී පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගිය ධීවරයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවුණේ යැයි නොසන්සුන්තාවකට පත් වූ ඔහුගේ  ඥාතීන් මොරටුවේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ සිට අඟුලාන පොලිස් ස්ථානය වෙත පැමිණ ගල්මුල්  ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන හටගෙන තිබූ බව පොලිසිය  පැවසීය.
                                අඟුලාන  පොලිසිය  ඉදිරිපිටට පැමිණි පිරිස පොලීස් ස්ථානයට හා පොලිසිය ඉදිරිපිට නවතා තිබූ වාහන වලට ගල් වලින් හා මුගුරු වලින් පහර දීමත් සමග එම ස්ථානයේ හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන මදන ඒකකය කැඳවා කඳුළු ගෑස් ප්‍රහාරයක් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සිදු වූ බව පොලීසිය පැවසීය. තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් මෙන්ම යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය  කැඳවීම සිදු කළ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
                                 සිද්ධිය සැලවීමත් සමග බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණ වෙඩි පහරින් මිය ගිය ධීවරයාගේ පවුලේ ඥාතීන් සමග සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව කරුණු පැහැදිලි කිරීමත් සමග එම ප්‍රදේශයේ තත්වය තත්ත්වය සාමාන්‍ය අතට ප කර ගැනීමට පොලිසියට හැකිවිය.
                                  එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්ට අසත්‍ය තොරතුරක් ලබාදීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් මියගිය පුද්ගලයාට අසාධාරණයක් සිදුවී ඇත්නම් සම්පූර්ණම සාධාරණය ඉටුවන තෙක් ඉදිරි පරීක්ෂණ කටයුතු පවත්වා රටේ පවතින නීතියට අනුව තරාතිරම නොබලා එම නිලධාරීන්ට අනිවාර්යයෙන් දඬුවම් ලබා දෙන බවත් නියෝජ්‍ය පොලිස්පති වරයා පැවසීය.
                                  නියෝජ්‍ය පොලිස්පති වරයා අමිත් කරුණාරත්න මහතාගේ නිවස පිහිටි ස්ථානයට ද ගොස් එම ස්ථානයේ සිටි ඥාති පිරිස අමතා පොලිසිය  සමග ගැටීමක් ඇති නොකර ගන්නා ලෙසත් මියගි පුද්ගලයාට නීතියෙන් සාධාරණය ඉටුවන තෙක් කලහාකාරි ලෙස නොහැසිරි සිටින ලෙසත්  මියගිය පුද්ගලයාට අගෞරවයක් නොකර සිටීමට වග බලා ගන්නා ලෙසත් පැවසීය .
                                      මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පොලිස් ස්ථානයට මෙන්ම රාජ්‍ය දේපලවලට දැඩි අලාභයක් සිදු කර ඇති බැවින් එසේ කළ පුද්ගලයන් නීතියෙන් වරද කරුවන් වන බැවින් පොලිසිය  වෙත බාර වන ලෙසත් එම පුද්ගලයන් හඳුනන්නේ නම් ප්‍රදේශවාසීන් විසින් ඔවුන් පොලිසියට භාර දීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
                                          සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් අට දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට  ගෙන ඇති බවත් දහසය වන දින උදෑසන සාක්ෂි සටහන් කර ගැනීම සඳහා රැගෙන ගිය මියගිය පුද්ගලයාගේ සොහොයුරා සහ මගේ පුතා නැවත නිවාස වලට ගෙනැවිත් බාර දුන් බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.
                                               සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මොරටුව පොලිස් ස්ථානය විසින් සිදු කරගෙන යනු ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts