කොරෝනා වසංතය  නැවත ඉස්මතු විමත් සමග සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් හැටන් අධ්‍යාපන කලාපයේ වතු හා නගර මෙන්ම ග්‍රාමිය ප්‍රදේශවල සිසුන් සදහා උසස් පෙළ විභාගය දැඩි ආරක්ෂක ක්‍රම යටතේ පැවැත්විමට පියවර ගෙන ඇත.

කොරෝනා වසංගතයට අමතරව මෙම දිනවල කදුකරයට පවතින අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මෙම විභාගයට පෙනි සිටින සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

වැසි සුලං තත්වයන් හේතුවෙන් සිසුන් දුෂ්කරතාවයන්ට පත් වුවද කොරෝනා වසංගත තත්වයෙන් සිසුන් ආරක්ෂා කිරිම සදහා  හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම විභාග මධ්‍යස්ථාන විෂබිජ හරනයට ලක් කිරිමටද පියවර ගෙන ඇති අතර එම විභාග මධ්‍යස්ථාන සදහා වීශේෂ ආරක්ෂාවක් යෙදවිමටද පියවර ගෙන ඇත.

මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයෙන් සිසුන් දෙදහස් එකසිය අනු දෙදෙනකු (2192) පෙනි සිටින බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි.

හැටන් අධ්‍යාපන කලාපය තුල විභාග මධ්‍යස්ථාන 25ක් ස්ථාපිත කර ඇති බවත් මෙම විභාග මධ්‍යස්ථාන සියල්ලම විෂබීජ හරනය කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම විභාග මධ්‍යස්ථානවල සිංහල මාධ්‍ය සිසුන් අටසියයක්ද (800) ද්‍රවිඩ මාධ්‍ය සිසුන් එක්දාහාස් තුන්සිය අනු දෙකක්ද (1392) විභාගය සදහා ඉදිරිපත්වන බවද ඔහු පවසන ලදි.

එමෙන්ම මෙම කලාපය තුල බාහිර අංශයේ සිසුන් නවසිය හැට නව දෙනකු (969) දෙනකුද මෙම විභාගය සදහා පෙනි සිටින බවත් ඒ අනුව මෙම කලාපයෙන් විභාගය සදහා පෙනි සිටින මුලු ශිෂ්‍ය සංඛාව තුන්දාහාස් එක සිය හැට එක් දෙනකු (3161)  බවත් ශ්‍රිධරන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories