ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් සමනල ගම ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවාසය සදහා මුල් ගල් තැබිම අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයශංක පෙරේරා මහතාගේ හා හැටන් දික්ඔය නගර සභා මංත්‍රි ශෂි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

හැටන් සමනල ගම පදිංචි  ආර්. එම්. රත්නායක නැමති අය සදහා මෙම නිවස ඉදිකර දිමට පියවර ගෙන ඇත.

මොහු සමග මෙම පවුලේ සමාජිකයන් පස් දෙනකු සිටින අතර මොවුන්ට නිසි ලෙස නිවසක් නොමැතිවිමෙන් මෙම අය විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින ලදි.

එම තත්වයන් මත මෙම අයට මෙම නිවස ඉදිකර දිමට පියවර ගෙන ඇති අතර  නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ හයක මුල්‍ය ප්‍රතිපාදන මත එම අධිකාරියේ අධික්ෂනය මත මෙම නිවාසයේ ඉදිකිරිම් සිදුවනු ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts