corona

බලපිටිය කටුවිල ගම්මානයේ  අවමංගල උත්සවයට සහභාගි වු  තවත් පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව්  ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

කාන්තාවන් දෙදෙනෙකුට පිරිමි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවත් ඔවුන් තිදෙනා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

බලපිටිය කටුවිල ගම්මානයේ පුද්ගලයින් 582 නෙකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කළ  බව පවසන  ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා  ඉන් 45 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ වාර්තාවල ලැබුණු බවත් ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද හෙතෙම පවසයි.  අනික් පුද්ගලයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ වාර්තා ලැබිමට නියමිතව ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

මේ අතර පැළියගොඩ මත්ස්‍යවෙළද පොළට ගොස් සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට  ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවත් ඒ අයගේ පි සි ආර් පරික්ෂන පැළියගොඩ දි සිදුකොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

පි.සි.ආර්. පරික්ෂණවලින් පසු මොවුන්  නිවෙස්වල නිරෝධායනය වෙමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනා  ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානය වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.කොරෝනා වෛරසය ආසාදනය වු කොළඹ නැව් තටාංගන ආයතනයේ සේවය කළ සේවකයාගේ බාප්පාගේ අවමංගල උත්සවයට මොවුන් ගොස් තිබුණි.

මිට පෙර මෙකි  අවමංගල උත්සවයට සහභාගි වු  මෙම සේවකයාගේ මව පියා හා බිරිද ඇතුළු 19 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබුණි.

බෝගහගොඩ  – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්,හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්,හබරාදුව ඒ.ඇල් ඒ ආරියරත්න,ඉමදුව කුමාර කොඩිතුවක්කු

More Stories