සමගි ජන බල වේගයේ පාර්ලීමේන්තු තිස්ස අත්තනායක මහතා විසින් ආරම්භ කර ඇති සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන මස්කෙළිය ආසනයේ හැටන් නගරයේදි පවත්වන ලදි.

05වන දින හැටන් නගරයට පැමිනි තිස්ත අත්තනායක මහතා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය, හැටන් සිරි කුරුස ක්‍රිෂ්තු දේවස්ථානය, හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු දේවස්ථානය යන පුජනිය ස්ථානවලට ගොස් ගරුතර සංඝරත්නය හා පුජකවරුන් හමුව සුහද කතා බහක නිරත විය.

මෙහිදි ගරුතර සංඝරත්නය හා අන් පුජකතුමන්ලා විසින් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසට සෙත් පැතු අතර මෙහිදි තිස්ස අත්තනායක පවසන ලද්දෙ ජාතින් අතර ආගමික හා සහජිවනය ගොඩ නැගිම සදහා මෙම සදහම් චාරිකා වැඩ සටහන ආරම්භ කල බවත්ය.

මෙම සදහම් චාරිකා වැඩ සටහන ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ 140ක් ආවරණ වන පරිදි පවත්වන බවත් එහි 62වන වැඩ සටහන මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

මෙම සදහම් චාරිකා වැඩ සටහන යටතේ තමන් මේ වන විට පංසල්, මුස්ලිම් දේවස්ථාන, ක්‍රිෂ්තු දේවස්ථාන, හිංදු දේවාල 1300කට පමන ගොස් ඇති බවත් එම ආගමික ස්ථානවල ගරු පුජක තුමන්ලාගෙන් වැදගත් කරුනු කරනා රාශියක් තමන්ට ඉගෙන ගැනිමට හැකිවු බවත් එමෙන්ම මෙම සදහම් චාරිකා වැඩ සටහනේදි ගම්මානවල නගරවල විවිධ පිරිස් හමුවි ඔවුන් සමග පුද්ගලික මට්ටමින් සම්බන්දතාවයන් ගොඩ නගා ගැනිමට පියවර ගන්නා බවත් එය දේශපාලනයට එහා ගිය වැඩ සටහනක් බවද ඔහු පවසන ලදි.

එමෙන්ම මෙම සදහම් චාරිකා වැඩ සටහන දේශපාලන වැඩ සටහනක් නොවන බවත් පුජනිය ස්ථාන හරහා දේශපාලනය කිරිමට තමන් අපේක්ෂා නොකරන බවත් මෙය හුදෙක්ම පුද්ගලික සබදතා වර්ධනය කර ගැනිම මෙන්ම ජාතින් අතර සහාජිවනය පවත්වා ගැනිම පිලිබදව මෙම පුජකතුමන්ලාගෙන් උපදෙස් ලබා ගැනිම මෙහි ප්‍රධාන අරමුණ බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මෙම අවස්ථාවට සමගි ජන බල වේගයේ මස්කෙළිය ආසනයේ සංවිධායක කපිල නාකන්දල මහතා, හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රි ඒ. පි. අනුරද සිල්වා මහතාද එක්විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts