පළමු අදියරේ නිවාස 14000ක් ඉදි කරන බවත් පහුගිය යහපාලන ආණ්ඩු සමයේ මෙන් තැන් තැන්වල බාගෙට ගෙවල් හදා එහි මුලු වටිනාකම ම ණය වාරික වශයෙන්  ගෙවීමට සලස්වන ක්‍රමය අනුගමනය නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව, පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල් තැබීමේ අවස්ථාවකට එක් වෙමිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

“නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා දීපා ප්‍රදේශයෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීමත් එක්ක රුපියල් ලක්ෂ 11ක් වටිනා නිවසක් මේ ව්‍යාපෘතිය මගින් ලබා දෙනවා.සෞභාග්‍යා දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පළවෙනි අදීයරේ දී නිවාස 14 000ක් ඉදි කරනවා එම නිවාස ඉදි කරලා ඉවර වුණාම තමයි ඊළග ඒවට යන්නේ.පහු ගිය ආණ්ඩු කාලේ ඇමතිවරු කළා වගේ නෙමෙයි.අපි වැඩ ඉවර කරලා දෙවෙනි අදියට යන්නේ.

එහෙම නැතුව පහුගිය ආණ්ඩු කාලේ ඇමතිවරු තැන් තැන්වල ගෙවල් හදන්න අත්තිවාරම් කපන්න රුපියල් 50000 ක් 60000ක් දෙනවා.ඒ මිනිස්සුන් ගත්ත සල්ලිවලට නෙමෙයි ලක්ෂ 6 ටම වාරික හදලා එවලා අන්තිමට ඒ මිනිස්සුන් ට ගේත් නෑ.වියදම් කරපු සල්ලිත් නෑ.අන්තිමට ණය කාරයෙක් බවට පත් කරලා.

යහපාලනේ නිවාස ඇමතිලා කරපු වැඩ තමයි ඒ.අපි ඒක නිසා අපේ ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් තුමා නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකාරතුමන් ඇතුළු නිලධාරින්ගේ නිරන්තර අධීක්ෂණය තුළයි සිදු වෙන්නේ.”

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories