arrack arest

අරක්කු බෝතල 45ක් සමග මස්කෙළිය නගරයේදි පුද්ගලයන් දෙදෙනකු සැක පිට මස්කෙළිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මස්කෙළිය නගරය තුල කරන ලද හදිසි සෝදිසියකදි අරක්කු බෝතල 20ක් සමග හා අරක්කු බෝතල 25ක් සමග මෙම පුද්ලයන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරය තුල කරන ලද හදිසි සෝදිසියකදි අරක්කු බෝතල 45ක් සමග මෙම පුද්ගලයන් දෙදෙනා මස්කෙළිය නගරයේදි අත් අඩංගුවට ගන්නා ලද බවත්ය.

වැඩි මිලට අරක්කු විකිනිම සදහා මෙම පුද්ගලයන් දෙදෙනා මෙසේ අරක්කු ගෙන යාම සිදුකරන බවට සැකයක් පවතින බවත් මෙම පුද්ගලයන් දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories