පස් කදු කඩා වැටිමෙන් අවහිරව තිබු මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය මේ වන විට යථා තත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත.

මධ්‍යම කදුකරයට පවතින වැසි හේතුවෙන් 09වන දින මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල අසල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටින ලදි.

එම පස් කන්ද කඩා වැටිමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් එසේ මාර්ගයට කඩා වැටුන පස් ඉවත් කර මේ වන විට එම මාර්ගය රථ වාහන ධාවනය සදහා යථා තත්වයන්ට පත් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts