තුවක්කු කරුවෙකු ගේ ප්‍රහාරයකට ලක්ව වෙඩි  තුවාල ලබා  හම්බන්තොට කැලිගම වැව් රක්ෂිතයේ සැරි සැරූවන අලියාට උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරු කන්ඩායමක් ඊයේ (01)  දහවල් ප්‍රථිකාර ලබා දෙනු ලැබීය.

හම්බන්තොට අවඩි වනජීවී කාර්යාලයට ලැබුනු තොරතුරකට අනුව මෙම වන අලියා ඉතා අසාධ්‍යව සිටියදි කැලිගම වැවු රක්ෂිතයේදි සොයා ගත් බවත් අනතුරුව ඒ් බව උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය ඒ්කකයට  දැනුම් දුන්  බවත් වනජීවී නිළධාරීහු පැවසූහ.

උඩවලව ඇත් අතුරු සෙවනේ පශුවෛද්‍ය  මාලක ගුණඅබේවර්ධන මහතා ප්‍රමුඛ වෛද්‍ය කන්ඩායමක් පැමිණ වෙඩි වැදී සිටි වන අලියාට ප්‍රථිකාර කරනු ලැබීය.අවස්ථා ගණනාවකදී මෙම වන අලියාට වෙඩි ප්‍රහාර ඒල්ල වී තිබුණු බව වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවසීය.

හම්බන්තොට ප්‍රදේශය පුරා වන අලින් ගේ වාස භූමි ඔවුනට අහිමි වීමත් සමගම වන අලීන්  ගම් වදින්නට පටන් ගෙන ඇති අතර මේ නිසාම හම්බන්තොට ප්‍රදේශයට අවට අලි මිනිස් ගැටුම උග්‍ර වෙමින් ද පවති .

චන්ද්‍රසේන ගමගේ

More Stories