සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා  ඇලිස් පෙරී හදිසි ආබාධයකට ලක් වීම  නිසා සති 3ක කාලයක් ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණි.

පසුගිය දා පැවැති සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බරන් රෙනගේඩ්ස් කණ්ඩයම් අතර පැවැති තරගය අතරතුරදී පන්දු රකිමින් සිටියදී ඇය මෙලෙස ආබාධයකට ලක් වී තිබේ.

ඒ අනුව ඇයට සති 3ක කාලයක් තරගාවලියෙන් ඉවත්ව සිටීමට සිදුව ඇති බවයි වාර්තා වෙයි.

ඇලිස් පෙරී මේ වන විට එක්දින තරග 112කදී සහ විස්සයි විස්ස තරග 111කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබේ.

More Stories