යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ යොවුන් පිල  සමත් විය.

ඊයේ පොචෙස්ට්‍රෝම්හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී  නවසීලන්ත 19න් පහළ කණ්ඩායම පරදවා ජයගත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාව සමග අවසන් මහා තරඟයට මුහුණ දීමට නියමිතයි.

බංග්ලාදේශ යොවුන් පිල යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්විය.

Similar Posts