ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් චරිත් අසලංක මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවී මෙසේ පැවසීය.

“මම හැමදාම හිතන්නේ මම තවම මදි කියලා. ඒ නිසා සෑම විටම පුහුණුකරුවන් ඇතුළු සෑම කෙනෙක් එක්කම කතා කරනවා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග කතා කරලා ඔවුන්ගේ අදහස් ගන්නවා. මේ තරගාවලියේ වුවත් මම හිතන්නේ මට තව හොඳින් ක්‍රීඩා කරන්න තිබුණා කියලා.

එවිට ඊළඟ තරගාවලියේදී මට තවත් හොදින් මගේ අඩුපාඩු සකසාගන්න හැකිවෙයි. මම තරගයෙන් තරගය ක්‍රීඩා කරන්නේ, පෙර ක්‍රීඩා කළ තරගය අමතක කරලා.

සෑම තරගයකම මම ඉනිම ආරම්භ කරන්නේ පෙර තරගයේ ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙකුගේ මානසිකත්වයෙන්. එම්ට සෑම තරගයක්ම මට පීඩනයක්.

අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ හොදින් ලකුණු රැස්කර ඒ මානසිකත්වයෙන්ම මම අනෙක් තරගය ක්‍රීඩා කළොත්, මට පීඩනයක් නැතිවෙලා වැරදි පහරක් ගහන්න පුළුවන්.

ඒ නිසා මම සෑම විටම මම බිංදුවේ ඉන්නේ කියන පීඩනයෙන් ක්‍රීඩා කරන්නේ. මගේ සාර්ථකත්වය එය වෙන්න පුළුවන්” යනුවෙන් අසලංක පැවසීය.

Similar Posts