ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක අනපේක්ෂිත පරාජයක්  (27 දා) ලැබුවේය. ශ්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන්නක් විය.

ලකුණු 105 ක් හඹා ගිය ඇෆ්ගනිස්ථානු පිතකිරුවෝ පන්දු 59 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දෙමින් ඉලක්කය සපුරා ගියේය. මෙය ශ්‍රී ලාංකේය විස්සයි-20 තරග ඉතිහාසයේ වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ලද දැවැන්තම දෙවැනි පරාජයට බවටද ඉතිහාස ගත විය.

 

More Stories