යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය – 2019 හි අවසන් තරඟය බදාදා (30)දින සන්ධ්‍යාවේ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි.

යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා පාබල හමුදා පාපන්දු කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පාපන්දු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් විශිෂ්ට දක්‍ෂතා දක්වමින් තරඟාවලියේ ජයග්‍රහණය සඳහා කරට කර තරඟ වැදුණි.

ඉතා උණුසුම් තරඟයකින් අනතුරුව තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පාපන්දු ක්‍රීඩකයින් වෙත ක්‍රීඩාලෝලීන්ගේ අත්පොලසන් හඬ මධ්‍යයේ ශූරතා කුසලානය පිරීනමන ලදීග තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා පාපන්දු කණ්ඩායමට හිමිවිය.

අනතුරුව ශූරතා කුසලානය සහ තවත් සම්මානල පලිහල පදක්කම් මෙන්ම සහතිපත් ජයග්‍රාහකයන් වෙත පිරිනැමිණිග මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, පාපන්දු ක්‍රීඩාලෝලින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ.

More Stories