2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේ ය.
ශ්‍රී ලංකා දෙවැනි පුහුණු තරගයේ ප්‍රතිවාදියා බවට පත් වුනේ අයර්ලන්ත කණ්ඩායමයි.

ලෝඩර්හිල්හීදී අයර්ලන්ත ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි.

පැතුම් නිස්සංක ලකුණු 22කි.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 122ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හිටපු නායක දසුන් ශානක ලකුණු 23ට කඩුලු 4ක් බිද හෙළුවේ ය.

Similar Posts