කැලණි කලාපයේ පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතරින් පැරණිම ක්‍රිකට් තරගාවලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තරගාවලිය 34 වන වරටත් මේ මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ ශ්‍රී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
විදුලකර පිරිවෙනේ ආභාෂය ලද කැලණි කලාපයේ පැරණිම පාසල් දෙකක් වන ගුරුකුල සහ ධර්මාලෝක ජාතික පාසල් දෙක අතර මංගල ක්‍රිකට් තරගය 1988 වසරේදී පවත්වා ඇත.
එදා මෙදාතුර 33 වාරයක් පැවති ක්‍රිකට් තරග අතරින් ගුරුකුල විද්‍යාලය 2012, 2014, 2016 යන වසරවලදී ජයග්‍රහණ 3ක් හිමිකර ගෙන ඇති අතර, ධර්මාලෝක විද්‍යාලය මෙතෙක් ජයග්‍රහණයක් ලබා ගෙන නැත.
ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු සහ ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිනි දිනිති අමරසිංහ මහත්මිය සහ ගුරුකුල විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය අනිල් මංජුල කුමාර මහතා ඇතුළු විද්‍යාල දෙකේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වයෙන් පසුගියදා ගුරුකුල විද්‍යාලයේදී කැලණි හටන ක්‍රිකට් තරගය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එම අවස්ථාවට කණ්ඩායම් දෙකේ නායකයන් ද එක්ව සිටියහ.
ගුරුකුල විද්‍යාලීය කණ්ඩායම – මොහොමඩ් මුර්ෂාඩ් (නායක),
එච්. යුවනෙත් මධුශංක (උපනායක), කේ. ඒ. තරූෂ දිල්සාර,
බී. තත්සර එෂාන්, ජේ. පූර්ණ කල්හාර, ඩී. ඩී. චත්රුක පෙරේරා,
ඒ. ඩී. එච්. නිම්සර ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඒ. ශහීන් අවිශ්ක,
එච්. එස්. නෙත්සර දහම්සිත්, ඩබ්ලිව්. ඒ. ජනිත් මිහිරංග,
එන්. ඒ. නේතන් ඩිශේන්, ඩී. එම්. ජවිදු මධුශංක, විමුක්ති එදිරිසිංහ, සිනෙත් යසශ්‍රී දේවප්‍රිය, විදූශ කෞශල්‍ය ප්‍රභාෂ්වර,
ඔහාස් සදෙව් තුශාන්ත, ඔසද ඉඳුවර ෆොන්සේකා,
රාජු දිල්රුවන්
ධර්මාලෝක කණ්ඩායම – කේ. තේමිර නිකාශන නියෝමාල්,
ඒ. සනිරු නිම්නාල්, හශේන් ශ්‍යාමල්, එම්. ඕමාල් විහඟ,
ඒ. සනිදු ප්‍රබෝධ, එම්. සුඛාන් චන්දිල, එම්. මෙවන් රංදීපන,
කේ. ඒ. වගීෂ ආමන්ත, එම්. සී. කවීන් දෙනෙත්, එම්. එෆ්. මොහොමඩ් පර්ශාන්, එස්. එන්. ලක්වන් හසෙල්,
කේ. ජී. මෙලාන් හසංක, කිත්මා නිමාන් ඇලෝසියස්,
එච්. ජී. චමුදිත කලන, පී. වී. තරූෂ මිහිරංග යන සිසුන් මෙවරත් කැලණි හටන මහා ක්‍රිකට් සංග්‍රාමයේදී ජයග්‍රහණය උදෙසා ක්‍රීඩා කිරීමට නියමිතය.