විස්සයි විස්ස ආකෘතියේ විශිෂ්ටයන් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු එංගලන්තයේ ආරම්භවීමට නියමිත පන්දු 100 නව ක්‍රිකට් තරගාවලියේදී වෙන්දේසි නොවීම හේතුවෙන් ඉවතට විසිවීමට සිදුව ඇත.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එංගලන්තයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිවකු හෝ මිළදී ගැනීමට ඉදිරිපත්ව නැති වීම විශේෂත්වයකි.
විස්සයි 20 තරගවල අංක 1 පිතිකරු බාබර් අසාම් , කීරාන් පොලාර්ඩ්, ඩ්වේන් බ්රාවෝ, ක්වින්ටන් ඩි කොක් සහ තමීම් ඉක්බාල් ද මෙහිදී විකිණී නැතැයි මාධ්‍ය වාර්තා කරයි.