ශ්‍රී ලංකාව පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරග‍ය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ඕවර 70 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6ක් බිඳවැටී තිබියදී ලකුණු 308කට අත්හිටුවීමට තීරණය කිරීමෙනි.ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 102ක් ලැබූ අතර නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 24වැනි අර්ධ ශතකය මේ තරගයේදී වාර්තා කිරීමට සමත් විය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ලබන 19 වැනිදා ආරම්භ කිරිමට නියමිතය.

More Stories