දහතුන් වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දිනාගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උනන්දුව ත්‍රීව කිරිම පිණිස  රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ගේ ත්‍යාග මුදල් අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා  පවසයි.

දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා සාග් ක්‍රීඩා උළෙල නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවරදී සහ ෆොකාරා නුවරදීත් පැවැත්වේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා පැවසුවේ අඩුම තරමේ රන් පදක්කම් 35 ක් වත් මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන බවය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනකුගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා සහභාගි කරන අතර 200 දෙනකුගෙන් සමන්විත තාක්‍ෂණ නිලධාරීන් පිරිසක්ද ඔවුන්ට මග පෙන්වමින් සාග් ක්‍රීඩා තරග සංචාරයට නිර්දේශ කෙරේ. මෙම තාක්‍ෂණ නිලධාරීන්ගේ කණ්ඩායමට පුහුණුකරුවන් 95 ක්, සම්භාහකයන් 15 ක්, භෞතචිකිත්සකයන් 13 ක්, වෛද්‍යවරුන් 10 ක්, කළමනාකරුවන් 25 ක්, ධනාත්මක දේශකයන් පහක් හා  නිරීක්‍ෂකයන් 15 දෙනක් ඇතුළත්  වෙති.

More Stories