ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සුභ සාධක ව්‍යාපෘති සදහා අධාර පිණිස සංවිධානය කරනු ලැබු රොදර්හැමි සර්කිටි මීටි 2019 ත්‍රාසය භිතිය සමගින් උද්වේගකාරී ක්‍රිඩාශීලීත්වයක් පිළිඹිබු කරමින් කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී 2019 නොවැමිබර් මස 24 වන දින සාර්ථකව නිමාවට පත්වු අතර මෙම තරගාවලියේ ත්‍යාග හා කුලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන් සහභාගි විය.

ගුවන් හමුදා කටුකුරුන්ද කදවුරේ ගුවන් ධාවනපථය මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරග පැවැත්වෙන ප්‍රමුඛතම සහ කිර්තිමත් ස්ථානයක් ලෙස සැලකෙන අතර මෙම ස්ථානයේ දි දේශිය ධාවකයන්ගේ අසාමාන්‍ය ධාවන කුසලතාවයන් නැරඹිම සදහා අති විශාල ජනකායක් සහභාගී වී සිටියහ.

2019 රේදර්හැමි සර්කිටි මීටි තරගාවලියේ හොදම මෝටර් රථ ධාවකයාට හිමි කසලානය අශාන් සිල්වා දිනා ගැනීමට සමත්වූ අතර හොදම යතුරුපැදි ධාවකයාට හිමි කුසලානය ෂෝයෙල් ඩැනියෙල් විසින් හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරගාවලිය නැරඹිම සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මැතිණිය ගුවන් හමුදා මොටර් රථ ධාවන ක්‍රිඩා සංචිතයේ සභාපති එයාර් වයිෂ් මාර්ෂල් ඇන්ඩි විජේසුරිය ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුන්‍දා ගුවන් හමුදා නිළධාරින් මෙන්ම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් සහභාගි විය.

More Stories