ශ්රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ 5වන දිනයේ ලකුණු 348ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය.
කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බෝනර් නොදැවී ලකුණු 68යි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 386ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක කොදෙව් කණ්ඩායම ලකුණු 230ක් රැස්කළේය.
අනතුරුව සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා පන්දු ඕවර 40.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 191 රැස්කළේය.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 83යි.
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69යි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1ට 0ක් ලෙස ඉදිරියට පැමිණීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වූහ.