තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජය ගැනීමටත් ඉන්දියාවට හැකි විය. ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබා ඇත්තේ 1997 වසරේදී වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරග 10න් පරාජය වූ 8වැනි තරගය මෙය විය.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම තරගය පැවැත්විණි.

අදාළ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ 11 වැනි තරගය මෙය වූ අතර එයින් ඔවුන්ට ජයගත හැකිව ඇත්තේ එක් තරගයක් පමණි.

ඒ හේතුවෙන් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව එම තරගාවලිය යටතේ පැවැත්වෙන ඉතිරි තරග 13ම ජයග්‍රහණය කළ යුතු වේ. එසේ නොවුණහොත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමට සිදු වේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 275යි. (අවිශ්ක ප්‍රනාන්දු 50, මිනෝද් භානුක 36, භානුක රාජපක්ෂ 00, ධනංජය ද සිල්වා 32, චරිත් අසලංක 65, දසුන් ශානක 16, වනිදු හසරංග 08, චාමික කරුණාරත්න (නොදැවී) 44, දුෂ්මන්ත චමීර 02, ලක්ෂාන් සඳකැන් 00, කසුන් රාජිත (නොදැවී) 01, බුවනේෂ්වර් කුමාර් 3/54, දීපක් චාහර් 2/53, හර්දික් පාණ්ඩ්‍යා 0/20, යුස්වේන්දර් චහල් 3/50, කුල්දීප් යාදෙව් 0/55, කෘනාල් පාණ්ඩ්‍යා 0/37)

ඉන්දියාව පන්දුවාර 49.1 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277 යි. (ප්‍රිත්වි ශෝ 13, ශිකර් ධවාන් 29, ඉශාන් කිෂාන් 1, මනීෂ් පාණ්ඩේ 37, සූර්යකුමාර් යාදෙව් 53, හර්දික් පාණ්ඩ්‍යා 00, කෘනාල් පාණ්ඩ්‍යා 35, දීපක් චාහර් (නොදැවී) 69, බුවනේෂ්වර් කුමාර් (නොදැවී) 19, කසුන් රාජිත 1/53, දුෂ්මන්ත චමීර 0/65, වනිදු හසරංග 3/37, ලක්ෂාන් සඳකැන් 1/71, චාමික කරුණාරත්න 0/26, දසුන් ශානක 1/10, ධනංජය ද සිල්වා 0/10)

More Stories