කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැති තරගයෙන් සංචාරක කොදෙව් කණ්ඩායම පරදා පළමු එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය.
කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේදි අගනා පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය වනිඳු හසරංග නොදැවී ලකුනු 42 ක් රැස් කලේය.
දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 26 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල
ශායි හෝප් – ප.උදාන 115 (140)
සුනිල් ඇම්බ්‍රිස් – ප.තිසර 3 (10)
ඩැරන් බ්‍රාවෝ – දුවද්දී දැවී ගියා 30 (52)
රොස්ටන් චේස් – ප.ප්‍රදීප් 41 (45)
නිකලස් පූරන් – ඇ.දිමුත් ප.උදාන 11 (12)
කිරන් පොලාඞ් – ඇ.සඳකැන් ප.උදාන 9 (6)
ජේසන් හෝල්ඩර් – දුවද්දී දැවී ගියා 12 (10)
කීමෝ පෝල් – නොදැවී 32 (17)
හේඞ්න් වෝල්ෂ් – නොදැවී 20 (8)
අතිරේක 7
එකුතුව ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 289
කඩුලු වැටීම :
1-10(ඇම්බ්‍රිස්), 2-87(බ්‍රාවෝ), 3-172(චේස්), 4-193(පූරන්), 5-207(පොලාඞ්), 6-230(හෝප්), 7-240(හෝල්ඩර්)
පන්දු යැවීම :
නුවන් ප්‍රදීප් 10-0-42-1, තිසර පෙරේරා 7-1-10-1, ඉසුරු උදාන 10-0-82-3, ඇන්ජලෝ මැතිව්ස් 3-0-17-0, ලක්ෂාන් සඳකැන් 7-0-42-0, වනිඳු හසරංග 10-2-47-0, ධනංජය ද සිල්වා 3-0-16-0
ශ්‍රී ලංකා පිල
අවිෂ්ක ප්‍රනාන්දු – ඇ.හෝප් ප.ජෝෂප් 50 (55)
දිමුත් කරුණාරත්න – ඇ.හොප්. ප.හෝල්ඩර් 52 (57)
කුසල් පෙරේරා – ඇ.බ්‍රාවෝ ප.පෝල් 42 (50)
කුසල් මෙන්ඩිස් – ඇ.ජෝෂප් ප.වෝල්ෂ් 20 (25)
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.හෝප් ප.ජෝෂප් 5 (4)
ධනංජය ද සිල්වා – ඇ.පෝල් ප.වෝල්ෂ් 18 (29)
තිසර පෙරේරා – ඇ.පවෙල් ප.ජෝෂප් 32 (22)
වනිඳු හසරංග – නොදැවී 42 (39)
ඉසුරු උදාන – ඇ.හෝප් ප.පෝල් 0 (6)
ලක්ෂාන් සඳකැන් – දුවද්දී දැවී ගියා 3 (9)
නුවන් ප්‍රදීප් – නොදැවී 0 (0)
අතිරේක 26
එකුතුව ඕවර 49.1 කදී කඩුලු 9 ක් දැවී 290
කඩුලු වැටීම :
1-111(දිමුත්), 2-121(අවිෂ්ක), 3-153(මෙන්ඩිස්), 4-168(මැතිවිස්), 5-201(ධනංජය), 6-215(කුසල් පෙරේරා), 7-253(තිසර), 8-262(උදාන), 9 -289(සඳකැන්)
පන්දු යැවීම :
ශෙල්ඩන් කොට්‍රල් 10-0-69-0, ජේසන් හෝල්ඩර් 10-0-44-1, කීමෝ පෝල් 8.1-0-48-2, අල්සාරි ජෝෂප් 10-0-42-3, රොස්ටන් චේස් 6-0-38-0, හේඞ්න් වෝල්ෂ් 5-0-38-2