දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලීට හැකිවිය.

මීට වසර 11කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී දෛවයට අභියෝග කරමින් ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ජාත්‍යන්තරය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට අභිමානයක් රැගෙනවිත් තිබෙයි.

වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී අනපේක්ෂිත ලෙස අනතුරකට ලක්වූ  සමිතා සමන්මලී පැවරූ නඩුවෙන් ජයගත් අතර කෝටි 18 ක විශාල වන්දියක් ගෙවිමට බී.ඒම්.අයි.සී.ඒච් පාලනාධිකාරියට සිදුවිය.

මේ අතර පැරා ඔරු පැදීමේ තරගාවලියේදී පිරිමි ඔරු පැදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට එම්. පී. ජයකොඩි මහතා සමත්ව තිබේ.

More Stories