2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කර එහි 05 වැනි ස්ථානයට හිමිකම් කී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බව ජගත් ක්‍රිකට් කවුන්සලය පෙරේදා (26 ) නිවේදනය කළේය.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 6 ක් පමණ වේ.

තරගාවලිය සඳහා රටවල් 9 ක් ක්‍රීඩා කළ අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 114 ක පමණ මුදලක් ඔවුන් අතරේ බෙදා දීමට නියමිත වේ.

ශූරතාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් 450,000 ක මූල්‍ය ත්‍යාගයක් ද, සිව්වැනි ස්ථානය දිනා ගත් එංගලන්තයට ඩොලර් 350,000 ක මූල්‍ය ත්‍යාගයක් ද හිමි වේ.

සෙසු කණ්ඩායම් 4 වන නවසීලන්තය පාකිස්තානය බටහිර ඉන්දීය කොදෙව් හා බංග්ලාදේශයට ඩොලර් 100,000 බැගින් පිරිනැමීමට නියමිතය.

More Stories