ලංකා ප්‍රිමියර් ලීග් 2024 අවසන් තරගයේ පහසු ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින් සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Galle Marvels කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගන්නා ලදි.භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වූ අතර Tim Seifert ලකුණු 47ක් රැස් කරන ලදි.

අනතුරුව ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 04ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසු කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් බවට බවට පත් වුණේ සිව් වැනි වරටයි.

එමෙන්ම පන්දුවට පහරදීමේදී Lyca’s Jaffna Kings කණ්ඩායමේ Rilee Rossouw අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 106ක් ලබා ගත අතර අතර, ඔහු සමග මනා සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා.

Similar Posts