සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක් හිමිකරගත් පකිස්ථානය සමස්ථ තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්වුනා.

පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදී සියල්ලන් දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 191 ක්. ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිමට ලකුණු 271 ක් රැස් කළා.

දෙවන ඉනිමේදී අගනා පිතිහරඹයක නියැලුනු පකිස්ථානය කඩුලු 3 ක් දැවී ලකුණු 555 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පිළට සිය දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස් කර ගත හැකිවුයේ ලකුණු 212 ක් පමණයි.

16 හැවිරිදි නසීම් ෂා ලකුණු 31කට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුළු 5ක් බිඳ හෙලූ අතර ටෙස්ට් ඉනිමකදී කඩුළු 5ක් දවාගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙස නසීම් ෂා වාර්තා අතරට එක්වුණි.

Similar Posts