අබුඩාබි කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් 12 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

තිසර පෙරේරා, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත්, ඉසුරු උදාන,  බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත් තෝරාගෙන තිබෙනවා.

වනිදු හසරංග සහ චාමර කපුගෙදර තෝරාගෙන ඇත්තේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින්.

අජන්ත මෙන්ඩිස්, පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා.

භානුක රාජපක්ෂ සහ ළහිරු කුමාර,  ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් තෝරා ගත්තා.

දසුන් ශානක හා දුෂ්මන්ත චමීර තෝරාගනු ලැබුවේ දිල්ලි බුල්ස් කණ්ඩායම විසින්.

නුවන් ප‍්‍රදීප් සහ මහේෂ් තීක්ෂණ, නොදන් වොරියස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබුවා.

අවිශ්ක ප‍්‍රනාන්දු මෙවර ටී ටෙන් තරගාවලියේදී නියෝජනය කරන්නේ අබුඩාබි කණ්ඩායමයි.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි ටී 10 ලීග් තරගාවලිය ජනවාරි 28 වනදා ආරම්භ වන අතර අවසන් මහ තරගය පෙබරවාරි 06 වනදා පැවැත්වෙනවා.

More Stories