විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ. නමුත් කොරෝනා වෛරසයේ ව්‍යාපතිය හේතුවෙන් මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වීම අවිනිශ්චිත වී තිබේ. ක්‍රිකට් බලධාරීන් පවසන්නේ මෙම තරගාවලින් ලබන වසරේ මුල් කාර්තුව තෙක් කල් දැමීමට සිදුවනු ඇති බවයි.

මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියද සැලැසුම්කර තිබු අන්දමට පැවැත්වීමට නොහැකි වනු ඇතැයිද පැවසේ. මෙම ලෝක කුසාලාන තරග දෙක ඇතුලුව අනෙකුත් අන්තර් ජාතික ක්‍රිකට් තරගාවලි පැවැත්වීම සම්බන්ධව ස්ථිර ප්‍රකාශයක් ලබා දීමට තවමත් නොහැකි බව ක්‍රිකට් බලධාරීන් පවසා තිබේ.

මේ අතර අයි.පී.ඒල් තරගාවලිය කෙසේ හෝ මේ වසරේ දී පැවැත්වීමට සියලු උත්සාහයන් දරණ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා පවසා තිබේ. මේ වසරේ දී අයි.පී.එල්. තරගාවලිය පැවැත්විය නොහැකි වුවහොත් එහි අලාභය ඩොලර් මිලියන 550 ක් වන බව කියැවේ.

“අයි.පී.එල්. තරගාවලිය මේ අවුරුද්දේ කොහොම හරි පවත්වන්න අපි සියලුම උත්සාහයන් ගන්නවා. ඒක තියන්නෙ වෙන්නේ ප්‍රේක්ෂකයන් නැති හිස් ක්‍රීඩාංගණවලදී වුණත් අපි ඉදිරියට යනවා” යයි ඉන්දියාවේ එක් එක් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් වෙත, ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා නිර්දේශ මාලාවක් යවමින් සව්රව් ගංගුලි මහතා ලියා තිබිණ.

More Stories