2022 අයි.පී.එල්. තරඟාවලිය මාර්තු 27 වැනිදා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දහයේ රැස්වීමක් ඊයේ (22) පැවති අතර, එහිදී තීරණය වී ඇත්තේ තරඟාවලිය මාර්තු මාසයේ අග භාගයේ පැවැත්වීමටයි.
විදේශීය ක්ර්රීඩකයින් 318 ක් ඇතුළු ක්රීඩකයින් 1214 ක් ලියාපදිංචි වී ඇති අතර, ශ්රී ලාංකික ක්රීඩකයින් 36 දෙනෙකුද ඊට ඇතුළත්.
පසුගිය අයි.පී.එල්. තරගාවලියේ දෙවන අදියර සඳහා දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග බැංගලෝර් පිල නියෝජනය කිරීම සඳහා තෝරා ගැනුණා.
මෙවර ක්රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටියේ ලන්සුව සහිත ක්රීඩකයින් අතරට වනිඳු හසරංග ද ඇතුළත්.