jaffna-kings

ලංකා ප්‍රිමියර්ලීග් ශූරතාව අඛණ්ඩව තුනවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කලම්බු ස්ටාර් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු දෙකකින් ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවි බොපාරා නොදැවී ලකුණු 47ක් රැස් කළා.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී තරඟය ජය ගනු ලැබුවේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීයි.

තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේ අවිශ්ක ප්‍රනාන්දුයි. සදීර සමරවික්‍රම තරඟාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තා.

More Stories