Australian team

හත්වැනි වරට පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් විය.

ඩුබායිහිදී පැවැති අවසන් මහා තරගයෙන් නවසීලන්තය කඩුලු 8කින් පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව දිනාගත් මංගල විස්සයි20 ලෝක ශූරතාව මෙයයි.

ටෙස් ලෝක ශූරතාව හිමි කර ගෙන සිටියද තවමත් අයිසීසී සීමිත ඕවර ශූරතාවක් දිනා නැති නවසීලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අනුශූරයන් වූයේ ද පළමු වරටය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 172කට සීමා කළ ඔස්ට්‍රේලියාව පන්දු 7ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

අවසන් තරගයේ වීරයා ලෙස මිචෙල් මාෂ් සහ තරගාවලියේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන දිනා ගත්හ.

නවසීලන්තය – 172/4 (ඕවර 20) කේන් විලියම්සන් 85 (ජොෂ් හේසල්වුඩ් 16/3)

ඔස්ට්‍රේලියාව – 173/2 (ඕවර 18.5) මිචෙල් මාෂ් නොදැවී 77, ඩේවිඩ් වෝනර් 53 (ට්‍රෙන්ට් බෝල්ට් 18/2)

More Stories