t20wolrdcup

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද නැමීබියාවට එරෙහිව අබුඩාබි හි දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇති.

රටවල් හතරක් ඇතුළත් A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබනවා.

ස්කොට්ලන්තය හමුවේ බංග්ලාදේශය පරදී

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වූයේ ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගයෙදීය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය ලකුණු 140ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 134ක් පමණි.

මේ දෙපිල අන්තර්ජාතික විස්සයි20 තරග බිමේ හමුවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, එම තරග දෙකම ජය ගැනීමට ස්කොට්ලන්තය සමත්ව තිබේ.

ලෝක කුසලාන සටනේ පළමු ජය ඕමානයට

හත්වැනි විස්සසයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය ආරම්භ කරමින් ඊයේ පස්වරුවේ ඕමානයේදී පැවැති පැපුවා නිව්ගිනියාව සමඟ පළමු තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඕමානය සමත් විය.

පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා පිල ලකුණු 129කට සීමා කළ ඕමාන් ක්‍රීඩකයෝ ඕවර 13.4කදී ජයග්‍රාහී ඉල්ලකය පසු කළේ කිසිවකුත් නොදැවී තිබියදීය.

ජතින්දර් සිං නොදැවී ලකුණු 73ක් සහ අකිබ් ඉල්යාස් නොදැවී ලකුණු 50ක් රැස් කරමින් ඕමානය ජය තහවුරු කළහ.

More Stories