ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවීමට කසුන් රාජිත සහ ලසිත් මාලිංගට හැකිවුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින්. පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුළු 08 කට ලකුණු 87 ක් රැස්කළේය.මරාතා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 2 ක් අවසානයේ කඩුළු 02 කට ලකුණු 89 ක් රැස්කර ගනිමින් සිය ජය වාර්තා කළේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ කසුන් රාජිත නියමිත පන්දුවාර 02 දී ලකුණු 15 කට එක් කඩුල්ලක් බිඳ හෙළුවා. ලසිත් මාලිංග සිය පන්දුවාර දෙකේදී ප‍්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18 ක් පමණයි. ඔහු ද එක් කඩුල්ලක් දවා ගත්තේය.

 

More Stories