ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට විදේශීය ක්‍රීඩකයන් 350 දෙනෙකු පමණ කැමැත්ත පළකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කැමැත්ත පළ කර ඇති ක්‍රීඩකයන් අතර ක්‍රිස් ගේල්, දිනේෂ් රම්ඩීන්, ලුක් රයිට්, ෂොයිබ් මලික් සහ ෂහීඩ් අෆ්රිඩී ඇතුළත් බව වාර්තා වේ.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වන අතර එම කණ්ඩායම් 5 කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කරගනිමින් නම් කර තිබේ.