ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වූ ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ 2019 වාර්ෂික රග්බි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් හා වසරේ විශිෂ්ටතම කාන්තා රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි.

ලෝක කුසලාන රග්බි තරගාවලිය අවසන් වී පැය 24 ක් ඇතුළත මෙම සම්මාන උළෙල මෙවර සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

වසරේ නැගී එන රග්බි ක්‍රීඩකයා  ප්‍රංශයේ රෝමේන් න්ටමැක් සම්මාන දිනා ගත් අතර වසරේ සත් සමාජික රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය ෆිජි රාජ්‍යයේ ජෙරී ට්වායිට හිමිවිය.

වසරේ සත් සමාජික රග්බි ක්‍රීඩිකාව ලෙස නවසීලන්තයේ රූබි ටුයි සම්මානය දිනා ගත් අතර ලෝක රග්බි සම්මේලනයේ වසරේ විනිසුරුවරයාට හිමි සම්මානය හිමිවූයේ එංගලන්ත විනිසුරු වේන් බාර්න්ස්ටයි.

More Stories