සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය.

සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන් මෙය සටහන් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

සිම්බාබ්වේ පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 358 යි

ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 515 යි

සිම්බාබ්වේ දෙවැනි ඉනිම සියලුදෙනා දැවී ලකුණු 170යි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කිසිවෙකුත් නොදැවී ලකුණු 14 යි.

මේ අනුව පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

දෙපිල අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය 27 වැනිදා හරාරේහිදීම ආරම්භ වෙයි.

Similar Posts