විස්සයි 20 තරග බිමේ ශ්‍රී ලංකාවට දරුණුතම පරාජය උරුම කරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව ඊයේ ඇඩිලේඩ් නුවර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 134කින් ජයගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් නායක ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට අභියෝගයක් වන ආකාරයේ පිතිහරඹයක් දියත් කළ ඔස්ට්‍රේලියානු පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 233ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකිවූයේ කඩුලු 9කට ලකුණු 99ක් පමණි. එය ශ්‍රී ලංකා පිල වසර 2017දී කටක් නුවරදී ඉන්දියාව හමුවේ ලකුණු 93කින් පරාජය වීමෙන් පසුව ලද දැවැන්තම පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව විස්සයි20 තරගයකදී ලකුණුවලින් ලැබූ ඉහළම ජයග්‍රහණය ද විය.

More Stories