කවුරු මොනවා කිවත් මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සම්මුගන් තිරුචෙල්වම් මහතා පවසයි.

කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු තිරුචෙල්වම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කය දියුනු කිරිම සදහා එක්සත් ජාතික පක්ෂය විශාල වැඩ කොටසක් ඉටයු කලා එත් තවත් මෙහි දැවෙන ප්‍රශ්න තියෙනවා විශේෂයෙන් මෙහි තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය උග්‍ර තත්වයන්ට පත්වෙලා තියෙන්නේ මෙයට ස්ථිර විසදුමක් සකස් කල යුතුයි.

මෙහි බොහෝ තරුණ තරුණියන් විවිධ රැකියා කලේ කොළඹ හා අවට ප්‍රදේශවලයි එත් කොවිඩ් වසංගතයත් සමග ඔවුන්ට නැවත මෙම ප්‍රදේශයට එන්න සිදු විමත් සමග මේ වන විට ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ එම නිසා ඔවුන්ට මෙ ප්‍රදේශයෙන්ම රැකියා අවස්ථා ලබා දිමට සැලසුම් කල යුතුයි.

අද වතු කරයේ පමනක් නොව මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමිය මෙන්ම නාගරික ජනතාවද විවිධ ප්‍රශ්නවලින් ප්‍රිඩා විදිනවා වතු කරයේ මෙන්ම ගම්වල නගරවල උගත් තරුණ පිරිසට රැකියාවන් නොමැතිවිමෙන් ඔවුන් දැඩි අසහනයට පත් වෙලා ඉන්නේ මෙම පිරිසට අවශ්‍ය රැකියා ලබා දිමට පියවර ගත යුතුයි.

පසු ගිය කාලය තුල මෙම ප්‍රදේශයන්ට නිසි ලෙස සේවයක් සිදුඅ නොවිම පිලිබදව පැවති රජයන්ට දොස් කියලා වැඩක් නැහැ මොකද මෙම ප්‍රදේශය නියෝජනය කරන තමයි මෙහි පවතින විවිධ අඩු පාඩු රජයට දැනුම් දිම් කල යුත්තේ.

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය මේ රටේ බලය ලබා ගැනිම ස්ථිරයි එම රජය යටතේ මෙහි පවතින විවිධ ප්‍රශ්න පිලිබදව එම රජය දැනුවත් කර එම ප්‍රශ්න විසදිමට පියවර ගන්නා බවට මම පොරෝන්දු වෙනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts