මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. සදාසිවම් මහතා පවසයි.
ඒ මහතාගේ නුවරඑළිය කාර්යාලයේදි මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කල සදාසිවම් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට පොහෝට්ටුවට ඡන්දය ලබා දෙන්න තිරණය කරලා ඉවරයි අද එක්සත් ජාතික පක්ෂය දෙකඩ කැඩිලා මේ තත්වයන් මත ඔහුන්ට ඡන්දය ලබා දෙන්න මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව සුදානම් නැහැ.
අද වතු කම්කරුවන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනිම එම වැටුප් වැඩි කිරිම කරන්න පුලුවන් ශ්‍රිලංකා පොදු ජන පෙරමුණට පමනක් බවත් මේ ජනතාව දන්නවා අද පවතින ජිවන තත්වයන් මත වතු කම්කරුවන්ට රුපියල් 1000/= වැටුප් වැඩි කිරිම සිදු කල යුතුයි.
මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් මෙම වැටුප් වැඩි කිරිම කල යුතු බව පිලි ගෙන තියෙනවා එම තත්වයන් මත මෙම වැටුප් වැඩි කිරිම සදහා මාද පුර්ණ සහාය ලබා දෙනවා.
පසු ගිය මැතිවරණ කාලයේදි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමයි තලවාකැලේදි වතු කම්කරුවන්ට රුපියල් දහාක වැටුප් වැඩි කිරිමක් කරන බව කිවේ එත් ඒ අය පසු ගිය අවුරුදු හතරහාමාර තුලදි මෙය කලේ නැහැ අඩු වශයෙන් අවසානයේ එකගවු රුපියල් 50/=වත් දෙන්න මේ අයට බැරි වුනා.
එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ගේ පාලන කාලය තුලදි මේ කිසිවක් කරන්න බැරිවු බව මේ කම්කරු ජනතවා දන්නවා එම නිසා මේ අයට නැවත මේ කම්කරු ජනතාවට මෙවර විහිලු සපයන්න බැහැ එම නිසා මෙව නුවරඑළිය දිස්ත්‍රික්කය පොහෝට්ටුව විශාල ඡන්ද ප්රමානයකින් ජය ගන්නවා.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා