මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය විසින් ජය ගන්නා බවත් තම ඡන්ද සටන ලබන සතිය තුලදි සර්ව ආගමික වැඩ සටහනකින් ආරම්භ කිරිමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. කේෂවමුර්ති මහතා පවසයි.

11වන දින මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේෂවමුර්ති මහතා 2020 පාර්ලීමේන්තු මැතිවරණය සදහා තමන්  එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබු මැතිවරණය සදහා දින නියම කිරිමත් සමග තමන්ද ලබන සතිය තුලදි තම නායක නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස සමග මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරිමට පියවර ගන්නා බව පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් වතු කරය තුල බහුතර පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවත් ඔවුන්ගේ ඡන්දය මෙවර නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බවත් එම තත්වයන් මත මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජය ගන්නා බවද ඔහු පවසන ලදි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ එදා ගත් උදාර සංකල්පයක් වන ජාතික අධ්‍යාපන විද්‍යා පිඨ ආරම්භ කිරිම  යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරු දරුවන් වෙනුවෙන් ඇති කල පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය නිසා අද වතු කම්කරුවන්ගේ දරුවන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් ලෙස සේවය කරන බවත් එම තත්වයන් මත කවුරු කුමක් කිවත් වතු කරයේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පවතින එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවත් එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය විසින් මංත්‍රිධුර පහක් හිමි කර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts