මුලු ලෝකෙම සීලාචාර මිනිසුන් ඉල්ලන්නේ නීතිගරුක , මානව අයිතිවාසිකම් ගරුකරන රටක්. හැබැයි අපේ බයියෝ ඉල්ලන්නේ රාජපක්ෂ ගරුක රටක්.
මොන වැරැද්දක් කලත් මිනිහෙක්ගේ බෙල්ල පාගලා මරන්න පොලීසියට බලයක් නෑ. අධිකරණයක් තුල විනිශ්චයකට ලක්විය යුතුයි, මුලු ලෝකයේම සීලාචාර මිනිසුන් කියන්නේ පාලකයින් සම්බන්ධයෙන් පොලීසිය එක විදියකටත් පාලිතයින් සම්බන්ධයෙන් තව විදියකටත් වැඩකරන්න බෑ කියලයි.
පොලීසිය සම්බන්ධයෙන් දැනට තිබෙන බලතල නීති සංශෝධනය වියයුතුයි. ජනතාවගේ ප්රශ්න කිරීම ඉදිරියේ වගවීමෙන් ලිස්සා යාමට පොලීසියට ඉඩ නොතැබිය යුතුයි. ඒක තමයි වෙන්න ඕන, ලංකාවේ කාලකන්ණි බයියෝ හිතන්නේ ජනතාව තමයි විනය විරෝධී, ජනතාව විනයගරුක කිරීමට හමුදා පොලිස් ලොක්කෝ දාලා කාර්ය සාධක බලකා හදන්න ඕන, පාලකයින් නීති කැඩුවට උසාවි මගහැරියාට ප්රශ්නයක් නෑ කියලා.
පොලීසිය විතරක් නොවෙයි අධිකරණයටත් ඕන ඕන විදියට තීන්දුව තීරණ දෙන්න බෑ ! ඒගොල්ලොත් එම තීන්දු තීරණ පවතින ව්යවස්ථාව හා නීති විධිවිධාන වලට අනුව සාධාරණය වන විදිය පැහැදිලි කරන්න ඕන. තම තීන්දුව ලිඛිතව දෙන්න ඕන, ඕනම පුරවැසියෙකුට අදාල මුදල ගෙවලා පිටපතක් ලබාගැනීමට හැකිවෙන්න ඕන.
පාලකයො කියන්නේ වගකීමක් වසර කීපයකට බාරගත්තු කෙනෙක් මිසක් රටක අයිතිකාරයෙක් නොවෙයි. ඒකයි ඇමරිකාවෙ පොලිස් ලොක්කෙක් ජනාධිපතිවරයාට කිවුවේ ඔබට සාධනීය යමක් කීමට නැත්නම් ජනාධිපතිතුමනි කරුණාකර කට වහගෙන ඉන්න, ආධුනිකයෙක් විදියට හැසිරෙන්න එපා කියලා. ඒ වගේම ජනතාවට කිව්වා ඡන්දය හරියට ගහන්න, මහපාරේ ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා, ඒ වගේම හමුදා ලොක්කෙක් කියලා තිබුනා අපි ආරක්ෂා කරන්නේ ව්යවස්ථාව මිසක ජනාධිපති නොවෙයි කියලා.
අන්න එවැනි ජනතාවක් ඉන්න, එවැනි නිලධාරීන් ඉන්න රටක් නිසා තමයි අපි ඇමරිකාව දියුණුයි කියන්නේ. අධිරාජ්යවාදියා , ලෝක පොලිස් කාරයා කියලා බැන බැන හිටියත් ඇමරිකාවට පැනගන්න පුලුවන් උනොත් ඔය අපේ ඊනියා දේශප්රේමීන් මීයො වගේ පැනලා යන්නේ අන්න ඒ් නිසයි.
උපුටා ගැනීම –  අජිත් මුණසිංහ FB

More Stories