රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට බොරු කයිවාරු බයිලා ගැසිම් නතර කර මහ බැංකුව උදවු කල යුතු බව  ශ්‍රි ලංකා කම්කරු පක්ෂ අපේක්ෂක වෛද්‍ය කේ. ක්‍රිෂාන් මහතා පවසයි.

18වන දින මෙම මාධ්‍ය හමුව පැවති අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු කේ. ක්‍රිෂාන් මහතා මේ වන විට සියලුම දෙනා දන්නවා ද පිනැන්ස් සමාගමට වෙලා තියෙන දේ මෙය අවුරුදු 80ක් පමන පැරනි එකක් මෙහි 5000 පමන සේවය කරන අතර ජනතාවගේ කෝටි ගනනක මුදලක් මෙහි තැන්පත් කර තිබෙනවා.

ලලිත් කොතලාවල මහතා මෙය කරගෙන යන විට සමන්‍ය තත්වයෙන් මෙය තිබුනා මෙහි පාඩු තිබුනත් මෙය වැහුවේ නැහැ වහන්නේ නැතිව පොඩ්ඩ පොඩ්ඩ හරි තැන්පත් කරුවන්ට සල්ලි දුන්නා ඒත් මහ බැංකුව ගත්තට පස්සේ වහලාම දැම්මා මෙය හරියට අර හොටු ගැනි දිලා කැහි ගැනි ගත්තා වගේ වැඩක්.

ජනාධිපතිතුමන් කිවා මහ බැංකුව කිසිම උදවුවක් කරන්නේ නැහැ සහනයක් දෙන්නේ නැහැ කියලා මහ බැංකුව දැන ගන්න ඕනැ ලංකා බැංකුව හා අනිකුත් බැංකුවලට එන සල්ලි පිලිබදව අද රටේ ආර්ථිකය කඩා වැටිලි කොරෝනාව හේතුවෙන් ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ.

මේ අවස්ථාවේ රටේ ආර්ථිකය නගා සිටුවන්න මිනිසුන්ට උදවු කරන්න මහ බැංකුව දැන ගන්න ඕන නිකං කයිවාරු ගහලා බයිලා ගහලා වැඩක් නැහැ කරුණාකරලා මහ බැංකු අධිපතිතුමනි ජනතාවට වැඩ කරන්න ජනතාවට උදවු කරන්න මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සහය දෙන්න.

මේ වතු කරයේ ජනතාව අවුරුදු 200යක පමන කාලයක් විවිධ දුෂකරතා මධ්‍යයේ ජිවත් වන්නේ ඔවුන් ඉඩම් ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, රැකියා ප්‍රශ්න අධ්‍යාපන ප්‍රශ්න, වැනි ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්නේ මේ අය පවතින රජයන්ට විශාල සහායක් දෙන පිරිසක් එම නිසා මෙම අයගේ ප්‍රශ්න විෂදිමටත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසත් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts