ලංකා කම්කරු කොංග්‍රසය සමග මේ වන විට වතු කරයේ විශාල පිරිසක් එක් රෝක් වෙමින් සිටිනවා එම තත්වයන් මත ලංකා කම්කරු කොංග්‍රසයට ලැබෙන ඡන්ද ප්‍රමාණයත් සමග පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්ක විශිෂ්ඨ ලෙස ජය ගන්නවා.

නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක කනපති කනගරාජ් මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු කනපති කනගරාජ් මහතා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිලිබදව ලංකා කම්කරු කොංග්‍රසය මෙන්ම වතු කරයේ බහුතර ජනතාවද දැඩි විස්වාසයක් පවතිනවා එම තත්වයන් මතයි මෙම පාර්ලීමේන්තු මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසය පොදු ජන පෙරමුණ සමග නුවරඑළියට ඡන්දය ඉල්ලන්නේ.

මේ වන විට වතු කරයේ අති විශාල පිරිසක් ලංකා කම්කරු කොංග්‍රසය සමග එක්ව සිටින අතර ඔවුන් සියලුම දෙනා පොහොට්ටුවට ඡන්දය ලබා දිමත් සමග විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් පොහොට්ටුව නුවරඑළිය ජය ගන්නවා.

අද වතුකරයේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පිලිබදව දැඩි විශ්වාසයකින් ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරිමටත් මේ වන විට සැලසුම් කර තිබෙනවා එමෙන්ම කොරෝනා වසංගතය සමග රුපියල් 5000/= දිමනාව වතු ජනතාවටත් ලබා දිමට ජනාධිපති තුමන් පියවර ගත්තා.

එමෙන්ම වතු කරයේ උපාධිධාරින්ටත් රැකියා ලබා දිමට මේ වන විට පියවර ගෙන තිබෙනවා එමෙන් සමන්‍ය පෙල සමත් නැති පිරිසට ලබා දෙන රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ වතු කරයේ දරුවන්ටත් රැකියා ලබා දිමට පියවර ගෙන තියෙනවා වතු මාර්ග නවිකරනය කිරිමටත් සැලසුම් කර තිබෙනවා.

අප රට තුල කොරෝනා වසංගතය නොතිබුනානන් මේ වන විටත් මෙම වැඩ සටහන් මෙම වතු කරය ඇතුළු රට තුල ආරම්භ වෙලා එම තත්වයන් මත වතු කරයේ මෙන්ම රට තුලත් බහුතර ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි පවතින විශ්වාසය මත මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි පොදු ජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව ස්ථිරයි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Similar Posts