unp

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි ශ්‍රි ලංකා කම්කරු සංගමයේ පුර්ණ සහාය එක්සත් ජාතික පක්ෂය වෙත ලබා දිමට පියවර ගන්නා බව එම සංගමයේ උප සභාපති ටි. සෙල්ලදොරේ මහතා පවසයි.

හැටන්හි පිහිටි එම සංගමයේ කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ටි. සෙල්ලදොරේ මහතා අගෝස්තු මස 05වන දින පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි තම සංගමයේ පුර්ණ සහාය එක්සත් ජාතික පක්ෂය වෙත ලබා දිමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තිරණය කල බවද පවසන ලදි.

ඒ අනුව වෙමර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහානය සදහා තම සමාජිකත්වය  පුර්ණ වශයෙන් කැප වන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts