සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති හරින් ප්‍රනාන්දු මහතා අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්රදිපන් මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු ප්රදිපන් මහතා 2019 සිදුවු පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසුව මේ රට තුල ඇතිවිමට ගිය විනාශය වැලැක්විමට පියවර ගත්තේ මැල්කම් රංජිත් කාදිනල් තුමයි.
එමෙන්ම එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබු කිතුනු බැතිමතුන් පිලිබදව දැඩි ලෙස ශෝකයට පත් මැල්කම් රංජිත් කාදිනල් තුමන් එම කිතුනු ජනතාවට විවිධ අකාරයෙන් උදවු උපකාර කරමින් ඔවුන්ගේ දුක යම් තරමකට හෝ නිවා දැමිමට විශාල සේවාවක් ඉටු කලා.
එමෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමන් කිතුනු ජනතාවගේ මෙන්ම අන් ආගමික පුජකතුමන්ලාගෙත් රට වැසියන්ගෙත් ගෞරව ආදරයට පත්වුන පියතුමෙක් එවන් ආගමික නායකයකුගේ නමවත් හරියට කියා ගැනිමට බැරි හරින් ප්‍රනාන්දු වැනි දේශපාලකයෙක් එතුමන්ට අවමන් කිරිම දැඩි කනගාටුවට කරුනක්.
කුමන ආගමක හෝ ආගමික නායකයන්ට විවිධ අයුරින් අපහාස උපහාස කරන මෙවැනි දේශපාලකයන් දේශපාල භුමියෙන් අතුගා දැමිමට මේ රටේ ජනතාව පියවර ගත යුතු බවයි මාගේ අදහස.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්